Welcome!

පින්තූර ගැලරිය - Image Gallery

මතුගම කලාපයේ ජාතික සහ පළාත් මට්ටමින් විෂය සමගාමී කටයුතු වලින් දක්ෂතා දැක්වූ සිසුන් ඇගයීම වෙනුවෙන් මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය සංවිධානය කළ "විභාවි 2022" උත්සවය මතුගම සී.ඩබ්ලිවි ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය මහා විදුහලේදී පැවැත්විණ.
බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා ආරාධිත අමුත්තා ලෙස ඊට සහභාගි විය.

 
 

 

 

 

 

 

 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2022 මැයි මස සිට බප/මතු මිහිඳු ම.ව් හීදී පැවැත්විණ. 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ජාතික පාසල් ලෙස තෝරාගත් පාසල් 1000 ක් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට සමගාමීව මතුගම අධ්‍යාපන කලාපයේ පහත පාසල් 14 ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් තෝරා ගෙන ඇත.

 

 
මතුගම අධ්‍යාපන කොට්ටාසය අගලවත්ත අධ්‍යාපන කොට්ටාසය පාලින්දනුවර අධ්‍යාපන කොට්ටාසය වලල්ලාවිට අධ්‍යාපන කොට්ටාසය
නවුත්තුඩුව මහා විදුහල  මිහිඳු මහා විදුහල  කඹුරාවල මහා විදුහල  මෙරිල් කාරියවසම් මහා විදුහල 
වලගෙදර මහා විදුහල  බෙල්ලන මහා විදුහල  වීදිය බණ්ඩාර මහා විදුහල  කොල්වින් ආර් ද සිල්වා මහා විදුහල 
ශාන්තමේරි මහා විදුහල      මිරිස්වත්ත මහා විදුහල 
පාන්තිය මහා විදුහල       
හොරවල මහා විදුහල       
කලෛමගල් මහා විදුහල       
රහුමානියා මුස්ලිම් මහා විදුහල       

 

 

ඉහත පාසල්වල අවශ්‍යතා සහ ඉදිකෙරෙන නව ගොඩනැගිලි පිලිබඳ සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය තුමා,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා 2021 ජූලී 16 නිරීක්ෂණ චාරිකාවේ නිරත විය.

  

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් අධ්‍යාපන කටයුතු නිසි පරිදි ඒකාකාරිව පවත්වාගෙන යාමට නොහැකිවීම නිසා මාර්ගගත ක්‍රමවේද,ජනමාධ්‍ය ,ඉගෙනුම් කට්ටල ලබා දීම ආදී විවිධ ක්‍රම ඔස්සේ අධ්‍යාපන කාර්යයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට පාසල් මට්ටමේ සිට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
                                          එහෙත් සංඥා ආවරණ ,අන්තර්ජාල පහසුකම් නොමැතිකම ,පරිගණක හා උපාංග නොමැතිකම වැනි හේතු මතද මාර්ගගත ඉගෙනුම් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකි වී ඇත.මෙසේ අසරණ වූ දරුවන් හට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කුඩා කණ්ඩායම් වශයෙන් රැස්වී අධ්‍යාපනය ලබා ගත හැකි මධ්‍යස්ථාන ග්‍රාමීය මට්ටමින් ආරම්භ කිරීමේ,අධ්‍යාපන අමාත්‍ය වැඩපිළිවෙලට සමගාමීව 2021 ජූලි 5 වන දින මතුගම දොඩම්පාපිටිය ප්‍රාථමික විදුහලේ සහ ඕමත්ත ජනපද කණිටු විදුහලේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මතුගම අධ්‍යාපන කලාපය තුලද මෙම වැඩසටහන ආරම්භ කෙරිණ.මෙම සුවිශේෂී අවස්ථාව සඳහා කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා,පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න මැතිතුමා,බස්නාහිර පළාත් සභා හිටපු අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මැතිතුමා,බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මැතිතුමා,බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මැතිතුමා ,අධ්‍යාපන අමාත්‍යාංශ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ උදාරා දික්කුඹුර මැතිණිය,මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාල් දිසානායක මැතිතුමා ඇතුළු නිලධාරීහූ මේ සඳහා සම්බන්ධ වූහ.

Go to top
Designed by mathuzone IT Team with
JSN Boot template designed by JoomlaShine.com