- අධ්‍යාපන ප්‍රතිපත්ති හා නියමිත විෂයමාලාව ක්‍රමවත්ව ක්‍රියාත්මක වීම සම්බන්ධව වගකීම හා වගවීම.
- අධ්‍යාපන ආංශික සංවර්ධන ප්‍රවේශ රාමුව හා වැඩසටහන්වලට අදාළ ව වාර්ෂික මධ්‍යකාලීන, පස් අවුරුදු සැලසුම් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම.
- අනුමත සැලසුම් ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සමාලෝචනය හා නියාමනය සිදු කිරීම.
- පාසල්වල විෂය සමගාමී, විෂයානුබද්ධ කටයුතු සංවිධානය සඳහා මඟ පෙන්වීම.
- විෂයමාලා නවීකරණ හඳුන්වා දීම හා ක්‍රියාත්මක කිරීම.
- විෂය අධ්‍යක්සවරුන්ගේ හා ගුරු උපදේශකවරුන්ගේ කාර්ය ප්‍රගති සමාලෝචනය සිදු කිරීම.
- පාසල් වෙත ලබා දී ඇති ව්‍යාපෘති ප්‍රදාන හා ගුණාත්මක යෙදවුම් පිළිබඳ විෂය අධ්‍යක්ෂවරු මගින් නියාමනය කොට ප්‍රගතිය ලබා ගැනීම.
- අවස්ථානුකූල ව විෂය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ශිෂ්‍ය සාධන මට්ටම් විශ්ලේෂණය කිරීම සහ එමගින් අනාවරණය වන කරුණු මත අධ්‍යාපන ගුණාත්මක තත්වයන් වැඩි දියුණු කිරිමට අවශ්‍ය පියවර ගැනීම.
- ගුරු කාර්ය මණ්ඩල ධාරිතා සංවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම සංවිධානය හා ක්‍රියාත්මක කිරීම.
- කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන සංවර්ධන කටයුතු සඳහා උපදේශනය, ඇගයීම හා නියාමනය සිදු කිරීම.
- කලාප මට්ටමේ විෂයානුබද්ධ තරග සංවිධානය හා පැවැත්වීම.
- පාසල්වල බාහිර ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගුණාත්මක දර්ශකය සකස් කිරීම හා සංවර්ධන අවශ්‍යතා හඳුනා ගෙන ඒ අනුව කටයුතු කිරීම.
- පාසල් අභ්‍යන්තර ඇගයීම් කාර්යය නියාමනය කිරීම හා අවශ්‍ය මඟ පෙන්වීම.
- අධ්‍යාපන සංවර්ධන ශාඛාව අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම, වාර්තාකරණය හා ප්‍රතිපෝෂණය සිදු කිරීම.
- විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා නොවිධිමත් අධ්‍යාපන කටයුතු මෙහෙයවීම හා ක්‍රියාත්මක කිරීම.
- විදුහල්පති, ගුරු කාර්ය සාධන ඇගයීම් නියාමනය හා පසු විපරම සිදු කිරීම.
- විදුහල්පති හා ගුරු ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- අධ්‍යාපන පර්යේෂණ සිදු කිරීම හා අනාවරණ පදනම් කර ගනිමින් ව්‍යාපෘති යෝජනා සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- පෙර පාසල් නියාමනය හා අදාළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරීම.
නුදුරේදීම යාවත්කාලින වනු ඇත.