Welcome!

අරමුණු

  •   රේඛීය අමාත්‍යංශය හා පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලබන චක්‍රලේඛ අණපනත් හා විවිධ නියෝග වලට අනුගතව කටයුතු මෙහෙයවීම.
  •   මතුගම කලාපයේ සියළු සිසුන් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන බවට සහතික වීම.
  •   මතුගම අධ්‍යාපන කලාපය තුළ පාසල් යායුතු වයසේ සිටින සියළුම සිසුන් සඳහා සම සාධාරණ ප්‍රවේශ අවස්ථා ලබාදීම සහතික වීම.
  •   සම්මත ප්‍රතිමාණ වලට අනුගතව, විෂමතාවයකින් තොරව භෞතිකව හා මානව සම්පත් සම්පාදනය හා කළමණාකරනය කිරීම.
  •   පාසල් අධ්‍යාපනය නිමකරන සියළු සිසුන් උසස් අධ්‍යාපන් හෝ වෘත්තීය ප්‍රවේශයන් වෙත යොමු කිරීම.
  •   ගුණාත්මත්මක අධ්‍යාපන සංකල්ප මත, නිර්දේශිත විෂයමාලාව අනුව ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනය සඳහා විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් බලගැන්වීම.
  •   සෞඛ්‍ය සම්පන්න, විනයගරුක, පරිසර හිත්කාමී සහකම්පිත ශිෂ්‍යයකු නිර්මාණය කරගැනීමට මඟ පෙන්වීම.
  •   අභිමානවත් ශිෂ්‍ය පෞරුෂ සංවර්ධනය උදෙසා හිංසාවෙන් ආපදාවෙන් හා අපචාරයන් ගෙන් වලක්වා ගනිමින් ශිෂ්‍යාගේ උපරිම ශක්‍යතාවයට ලඟාවීමට මග පෙන්වීම.
  •   අනාගත වෘත්තීය අපේක්ෂාවන් ජයග්‍රහණය කරමින්, ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ගොඬනගා ගතහැකි විශ්වීය පුරවැසියකු ගොඩනඟාගැනීම සඳහා අවශ්‍ය නිපුණතාවය ශිෂ්‍යයාට ලබාදීම සහතික වීම.
  •   විදුහල්පතිවරුන් ගුරුභවතුන් ඇතුළු අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවා අවශ්‍යතා, වෘත්තීය සංවර්ධනය හා ඔවුන්ගේ සුභ සාධනය වෙනුවෙන් ඇප කැප වීම.
  •   අධ්‍යාපනය හා සම්බන්ධ වන/ නොවන විවිධ පුද්ගල, සමාජ සංස්ථා, දෙපාර්තමේන්තු හා ආයතන අතර මනා සම්බන්ධීකරණයක් තුළින් සංහිදියාව හා සාමය සාක්ෂාත්හ් කර ගැනීම තහවුරු කිරීම.



අගයයන්

  •   නිර්මාණශීලී, ප්‍රගතිශීලී නායකත්ව ගුණාංග සහිත කාර්ය මණ්ඩලය
  •   කාර්යක්ෂම සුහදශීලී සේවය
  •   විශ්වාසනීය විනිවිදභාවය
  •   අපක්ෂපාතී සම සාධාරණත්වය
  •   අනෝන්‍ය කාර්ය මණ්ඩල සබැඳියාව

 

Go to top
Designed by mathuzone IT Team with
JSN Boot template designed by JoomlaShine.com