- කලාප කාර්යාලයේ හා ඊට සම්බන්ධ අනෙකුත් අධ්‍යාපන ආයතනවල නිලධාරීන්ගේ හා කාර්ය මණ්ඩලවල රාජකාරි ලැයිස්තු සකස් කිරීම හා නියාමනය කිරීම.
- කාර්ය මණ්ඩල ගෙවීම්,අතිකාල,දෛනික වැටුප්,නිවාඩු දින වැටුප්,සියළු බිල්පත් නිරවුල් කිරීම,දුම්රිය බලපත්‍ර ලබා දීම ආදී කටයුතු සදහා ක්‍රම සම්පාදනය.
- අත්තිකාරම්, ණය,අග්‍රහාර රක්ෂණ සදහා අදාල නිර්දේශ/අනුමැතිය ලබා දීම.
- අධ්‍යාපන කලාපයේ සේවය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩල ස්ථාන මාරු කිරීම හා කලාපයෙන් නිදහස් කිරීම් පිළිබද කටයුතු සිදු කිරීම.
- අධිකරණ කටයුතු මානව හිමිකම් පැමිණිලි පෙත්සම්කාරක සභා උපදේශන කාරක සභා ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම ආදී නෛතික කටයුතු සිදු කිරිම.
- විනය පරීක්ෂණ කටයුතු සදහා පහසුකම් සැපයීම.
- කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම.
- කාර්යාලයීය භෞතික සම්පත් නඩත්තුව හා සංවර්ධනය කිරීම.
- පාසල්,කොට්ඨාස,කලාප කාර්යාල හා සම්බන්ධ අනෙකුත් ආයතන සදහා ජලය විදුලිය හා දුරකථන ආදී පහසුකම් සැපයීම හා නඩත්තුව පළිබදව සියළු කටයුතු සිදු කිරීම.
- රජයේ නිල නිවාස හා වාහන පාලනයට අදාල කටයුතු සිදු කිරීම.
- සුළු මුදල් අග්‍රිමය කළමණාකරණය කිරීම.
- දෛනික තැපෑල සම්බන්ධ කටයුතු සිදු කිරීම.
- ලේඛනාගාර පවත්වා ගැනීමට අදාල කටයුතු සිදු කිරීම.
- පිළිගැනීමේ කවුන්ටරය, අභ්‍යන්තර සන්නිවේදන හා ආයතන ඵලදායිතා සංකල්ප ක්‍රියාත්මක කිරීමට අදාල කටයුතු සිදු කිරීම.