Welcome!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ජාතික පාසල් ලෙස තෝරාගත් පාසල් 1000 ක් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට සමගාමීව මතුගම අධ්‍යාපන කලාපයේ පහත පාසල් 14 ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් තෝරා ගෙන ඇත.
| මතුගම අධ්‍යාපන කොට්ටාසය | අගලවත්ත අධ්‍යාපන කොට්ටාසය | පාලින්දනුවර අධ්‍යාපන කොට්ටාසය | වලල්ලාවිට අධ්‍යාපන කොට්ටාසය |
| නවුත්තුඩුව මහා විදුහල | මිහිඳු මහා විදුහල | කඹුරාවල මහා විදුහල | මෙරිල් කාරියවසම් මහා විදුහල |
| වලගෙදර මහා විදුහල | බෙල්ලන මහා විදුහල | වීදිය බණ්ඩාර මහා විදුහල | කොල්වින් ආර් ද සිල්වා මහා විදුහල |
| ශාන්තමේරි මහා විදුහල | මිරිස්වත්ත මහා විදුහල | ||
| පාන්තිය මහා විදුහල | |||
| හොරවල මහා විදුහල | |||
| කලෛමගල් මහා විදුහල | |||
| රහුමානියා මුස්ලිම් මහා විදුහල |
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් අධ්‍යාපන කටයුතු නිසි පරිදි ඒකාකාරිව පවත්වාගෙන යාමට නොහැකිවීම නිසා මාර්ගගත ක්‍රමවේද,ජනමාධ්‍ය ,ඉගෙනුම් කට්ටල ලබා දීම ආදී විවිධ ක්‍රම ඔස්සේ අධ්‍යාපන කාර්යයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට පාසල් මට්ටමේ සිට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
එහෙත් සංඥා ආවරණ ,අන්තර්ජාල පහසුකම් නොමැතිකම ,පරිගණක හා උපාංග නොමැතිකම වැනි හේතු මතද මාර්ගගත ඉගෙනුම් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකි වී ඇත.මෙසේ අසරණ වූ දරුවන් හට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කුඩා කණ්ඩායම් වශයෙන් රැස්වී අධ්‍යාපනය ලබා ගත හැකි මධ්‍යස්ථාන ග්‍රාමීය මට්ටමින් ආරම්භ කිරීමේ,අධ්‍යාපන අමාත්‍ය වැඩපිළිවෙලට සමගාමීව 2021 ජූලි 5 වන දින මතුගම දොඩම්පාපිටිය ප්‍රාථමික විදුහලේ සහ ඕමත්ත ජනපද කණිටු විදුහලේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මතුගම අධ්‍යාපන කලාපය තුලද මෙම වැඩසටහන ආරම්භ කෙරිණ.මෙම සුවිශේෂී අවස්ථාව සඳහා කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා,පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න මැතිතුමා,බස්නාහිර පළාත් සභා හිටපු අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මැතිතුමා,බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මැතිතුමා,බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මැතිතුමා ,අධ්‍යාපන අමාත්‍යාංශ තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ උදාරා දික්කුඹුර මැතිණිය,මතුගම කලාප අධ්‍යාපන අධ්යක්ෂ ලාල් දිසානායක මැතිතුමා ඇතුළු නිලධාරීහූ මේ සඳහා සම්බන්ධ වූහ.
Read more: මතුගම අධ්‍යාපන කලාපය තුල මාර්ගගත දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම
මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල යූ ටියුබ් චැනලය එළි දැක්වීම 2021 පෙබරවාරි 15 දින කලාප අධ්‍යාපන කාර්යාලීය නව ගොඩනැගිල්ලේදී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්විණ.මෙම වෙබ් අඩවියේ නවීකරණය කරන ලද වෙබ් පිටුව ඔස්සේ "E-tutor Matugama" Virtual Learning චැනලය වෙත Platform මගින්
Read more: කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල YouTube චැනලය එළි දැක්වූදා
කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා 2021 ජූනි 18 වන දින දික්හේන සහ ඕමත්ත ජනපද ප්‍රදේශයේ සිදු කල නිරීක්ෂණ චාරිකාව සඳහා කලාප අධ්‍යාපන අධ්යක්ෂ ලාල් දිසානායක මහතාද සහභාගී වූ අතර අන්තර්ජාල පහසුකම් නොමැතිකම දික්හේන කණිටු විදුහලේ සිසුන් සිය මාර්ගගත අධ්‍යාපනය කඳු මුදුන් සහ වනගත ප්‍රදේශවල සිට සිදු කරන ආකාරය මෙහිදී නිරීක්ෂණය විය.

Read more: ඕමත්ත ජනපද කණිටු විදුහල ,දික්හේන කණිටු විදුහල නිරීක්ෂණ චාරිකාව
මතුගම අධ්‍යාපන කලාපයේ පාසල් 131 ක අධ්‍යාපනය ලබන දුවා දරුවන් 43000 කගේ පමණ හෙට දින ආලෝකමත් කිරීමේ වගකීම දරා සිටින හිතවත් විදුහල්පති, ගුරු මහත්ම මහත්මීන් වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහයෝගය ඇතිව පවත්වනු ලබන වෛද්‍ය සායනයක් 2020 ඔක්තෝම්බර් මස 03 හා 04 යන දින වලදී මතුගම ශාන්ත මේරි විද්‍යාලයේදී පැවැත්වුණි.
