“සුපිපෙන වන මල්” ගායන වාදන තරගය - 2020
මතුගම අධ්‍යාපන කලාපයේ සංගීත අංශය මගින් සංවිධානය කරනු ලබන උක්ත තරගය පිළිබඳ චක්‍රලේඛය.
- •උක්ත තරගය පවත්වනු ලබන්නේ අන්තර් ජාලය හරහා වේ.
-
සහභාගිත්වය
- • 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා ( 13 දෙවන වර ද ඇතුළත් ව)
- • ප්‍රාථමික අංශය ( 1 – 5 ශ්‍රේණි )
- • කණිෂ්ඨ අංශය -1 ( 6 , 7 ශ්‍රේණි )
- • කණිෂ්ඨ අංශය - 2 ( 8, 9 ශ්‍රේණි )
- • ජ්‍යෙෂ්ඨ අංශය ( 10 – 13 ශ්‍රේණි )
-
තරග :-
- ගායන තරගය
- වාදන තරගය
ගායන තරග ශීර්ෂ සහ ඉදිරිපත් විය යුතු ගීත
- මව්පිය ගුණ වරුණ සරල ගී
- • තරගයට අදාළ ගීත
- අන්දරයායේ වැව්තාවුල්ලේ - කරුණාරත්න දිවුල්ගනේ
- දුනුකෙයියා මලක් වගේ - සුජාතා අත්තනායක
- දේශාභිමානී ගීත
- • තරගයට අදාළ ගීත
- මේ උදාර ලංකා භූමියයි - අමිතා වැදිසිංහ
- සසර වසන තුරු - ඩබ්. ඩී. අමරදේව
- උපදේශාත්මක ගීත
- • තරගයට අදාළ ගීත
- නොමග නොයන් පුතේ - විල්බට් ඇන්තනී
- හිතන්නකෝ අයියේ - ඉන්ද්‍රාණි විජයබණ්ඩාර
- ජන ගී ආශ්‍රිත සරල ගී
- • තරගයට අදාළ ගීත
- තෙදිනිවි රාජ රුවිනි විරාජ - එඩ්වඩ් ජයකොඩි
- දෑතට වළලු - නීලා වික්‍රමසිංහ
- • ගැහැණු සහ පිරිමි ලෙස ඉහත තරග වෙන් වෙන් ව පැවැත් වේ.
වාදන තරගය
( 1 – 13 ශ්‍රේණිය දක්වා සහභාගි විය හැක )
• තරගය සඳහා භාවිත කළ හැකි භාණ්ඩ :-
- ස්වර පුවරු භාණ්ඩ
( Key board, Piano, මෙලෝඩිකා, සර්පිනා හා එකෝඩියන් )
- වයලීනය
- ගිටාරය
- බට නලාව
- සැක්සෆෝනය
- තබ්ලාව
- • තබ්ලාව හැර අනෙකුත් භාණ්ඩ සඳහා යොදා ගත යුතු ගීත
- මුව මුක්තලතා - එඩ්වඩ් ජයකොඩි
- පාවෙනා නිල් වලාවේ - ඩබ්. ඩී. අමරදේව
- හීන හතක් මැද - ලතා වල්පොළ
- එ මෙරි ස්‍යෙහොරා ජබින්
- • තබ්ලාව - තාලය ත්‍රිතාලය
අවමය විනාඩි 5න් උපරිමය විනාඩි 7ක් අතර කාලයකට සකසා ගත් ලෙහෙරාවක් වාදනය කළ යුතු ය.
පොදු කොන්දේසි
- • තරගය සඳහා ඉහත දී ඇති ගීතවලට අප විසින් ලබා දෙන නාද හඬ පටය ( Music Track ) භාවිත කර එයට අදාළ ගායනය/ වාදනය ඉදිරිපත් කළ යුතු ය.
- • විචිත්‍රවත් ව ගායනය/ වාදනය ඉදිරිපත් කළ යුතු ය.
- • පාසල් නිල ඇඳුමින් නිවැරදි ව සැරසී තරගයට ඉදිරිපත් විය යුතු ය.
- • 06. 22 දින සිට 2020. 07. 10 දින දක්වා අයදුම්පත් යොමු කළ හැකි ය. ( අයදුම් පතෙහි ආකෘතිය පහතින් දැක්වේ. )
- • නිවැරදි ව සම්පූර්ණ කරන ලද අයදුම්පත් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ට යොමු කළ යුතු ය.
- • එම අයදුම්පත ඔබ විදුහලේ විදුහල්පතිතුමා විසින් අනන්‍යතාවය තහවුරු කොට ඉදිරිපත් කළ යුතු ය.
- • තරගයට අදාළ ගීතය හෝ වාදනය අප ලබා දුන් හඩ පටය භාවිත කරමින් (Music Track ) පටිගත කොට ( Video ) සහිත ව 2020.ජුලි.31 වන දින මධ්‍යම රාත්‍රී 12. 00 ට පෙර ඉහත විද්‍යුත් ලිපිනය හරහා අප වෙත යොමු කළ යුතු ය.
- • ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 1, 2, 3 ස්ථානයන් සඳහා සහතිකපත් පිරිනැමේ.
අත්.කළේ/ඩී. එම්. එල්. පී. දිසානායක
.......................................... කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ( සංගීතය ) මතුගම
<< චක්‍රලේඛය හා අයදුම්පත්‍රය බාගත කිරීම >>
ගීත බාගත කිරීමට (Download)

