Welcome!

දිවයිනේ සියලු පාසල් අතර පවත්වනු ලබන 'NextGen Debator 2021' අන්තර් පාඨශාලයීය ඩිජිටල් සිංහල විවාද තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ වී තිබේ.
සමස්ත ලංකා ආදි විවාදික කවය විසින් සංවිධානය කරනු ලබන මෙම තරඟාවලිය සඳහා,පාසල්වලට Online අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.

තරඟාවලිය අගෝස්තු 28 සහ 29 යන දෙදින තුල පැවැත්වීමට නියමිතයි.

ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් 100,000/=ක් ද, අනු ශූරතාවය ලබාගන්නා කණ්ඩායමට රුපියල් 50,000/=ක් ද, තුන්වන ස්ථානය ලබා ගන්නා කණ්ඩායමට රුපියල් 25,000/=ක් ද, සිව්වන ස්ථානය ලබාගන්නා කණ්ඩායමට රුපියල් 10,000/=ක් ද ප්‍රදානය කිරීමට සංවිධයක මණ්ඩලය තීරණය කර ඇත. සෑම පාසලක්ම තරඟාවලියට ලියාපදිංචි වීම සඳහා මෙම ගූගල් පෝරමය 2021 අගෝස්තු 20 දිනට පෙර සම්පූර්ණ කර පුරවා එවිය යුතු ය. 2021 අගෝස්තු 21 දින සම්පාදක රැස්වීම පැවැත්වෙනු ඇති අතර තරඟාවලියේ නීතිරීති සංවිධායක මණ්ඩලය විසින් එදින දැනුම් දෙනු ඇත.

ඉහත Google form එක පිරවීම සඳහා පහත කරුණු අසනු ලබයි.

  • පාසලේ නම සහ ලිපිනය 
  • පාසලේ නිල විද්‍යුත් තැපෑල (email)
  • විවාද කණ්ඩායම භාර ආචාර්‍යයතුමාගේ/ආචාර්‍යතුමියගේ නම 
  • විවාද කණ්ඩායම භාර ආචාර්‍යයතුමගේ/ආචාර්‍යතුමියගේ දුරකථන අංකය
  • විවාදිකයාගේ, (01) නම, උපන් දිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය , ලිපිනය සහ විද්‍යුත් තැපෑල (email)
  • විවාදිකයාගේ, (02) නම, උපන් දිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය , ලිපිනය සහ විද්‍යුත් තැපෑල (email)
  • විවාදිකයාගේ, (03) නම, උපන් දිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය , ලිපිනය සහ විද්‍යුත් තැපෑල (email)
  • විවාදිකයාගේ, (04) නම, උපන් දිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය , ලිපිනය සහ විද්‍යුත් තැපෑල (email)
  • විවාදිකයාගේ, (05) නම, උපන් දිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය , ලිපිනය සහ විද්‍යුත් තැපෑල (email)
  • විවාදිකයාගේ, (06) නම, උපන් දිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය , ලිපිනය සහ විද්‍යුත් තැපෑල (email)
  • ඕනෑම අවස්ථාවක සම්බන්ධ කරගැනීමට හැකි කණ්ඩායමේ එක් අයෙකුගේ, නම, දුරකථන අංකය (whatsapp) , ලිපිනය සහ විද්‍යුත් තැපෑල (email) 
Go to top
Designed by mathuzone IT Team with
JSN Boot template designed by JoomlaShine.com