Welcome!

සුපිපෙන වන මල්”  ගායන වාදන තරගය - 2020

මතුගම අධ්‍යාපන කලාපයේ සංගීත අංශය මගින් සංවිධානය කරනු ලබන උක්ත තරගය පිළිබඳ චක්‍රලේඛය.

  • උක්ත තරගය පවත්වනු ලබන්නේ අන්තර් ජාලය හරහා වේ.

 

  • සහභාගිත්වය

  • 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා ( 13 දෙවන වර ද ඇතුළත් ව)
  • ප්‍රාථමික අංශය ( 1 – 5 ශ්‍රේණි )
  • කණිෂ්ඨ අංශය -1          ( 6 , 7 ශ්‍රේණි )
  • කණිෂ්ඨ අංශය - 2 ( 8, 9 ශ්‍රේණි )
  • ජ්‍යෙෂ්ඨ අංශය ( 10 – 13 ශ්‍රේණි )

 

  • තරග :-

  1. ගායන තරගය
  2. වාදන තරගය

 

ගායන තරග ශීර්ෂ සහ ඉදිරිපත් විය යුතු ගීත

 

  1. මව්පිය ගුණ වරුණ සරල ගී
  • තරගයට අදාළ ගීත
  1. අන්දරයායේ වැව්තාවුල්ලේ - කරුණාරත්න දිවුල්ගනේ
  2. දුනුකෙයියා මලක් වගේ - සුජාතා අත්තනායක
  3. දේශාභිමානී ගීත
  • තරගයට අදාළ ගීත
  1. මේ උදාර ලංකා භූමියයි - අමිතා වැදිසිංහ
  2. සසර වසන තුරු - ඩබ්. ඩී. අමරදේව

 

  1. උපදේශාත්මක ගීත
  • තරගයට අදාළ ගීත
  1. නොමග නොයන් පුතේ - විල්බට් ඇන්තනී
  2. හිතන්නකෝ අයියේ - ඉන්ද්‍රාණි විජයබණ්ඩාර

 

  1. ජන ගී ආශ්‍රිත සරල ගී
  • තරගයට අදාළ ගීත
  1. තෙදිනිවි රාජ රුවිනි විරාජ - එඩ්වඩ් ජයකොඩි
  2. දෑතට වළලු - නීලා වික්‍රමසිංහ

 

  • ගැහැණු සහ පිරිමි ලෙස ඉහත තරග වෙන් වෙන් ව පැවැත් වේ.

 

වාදන තරගය

( 1 – 13 ශ්‍රේණිය දක්වා සහභාගි විය හැක )

 

තරගය සඳහා භාවිත කළ හැකි භාණ්ඩ :-

  1. ස්වර පුවරු භාණ්ඩ

            ( Key board, Pia​no, මෙලෝඩිකා, සර්පිනා හා එකෝඩියන් )

  1. වයලීනය
  2. ගිටාරය
  3. බට නලාව
  4. සැක්සෆෝනය
  5. තබ්ලාව

 

  • තබ්ලාව හැර අනෙකුත් භාණ්ඩ සඳහා යොදා ගත යුතු ගීත
  1. මුව මුක්තලතා - එඩ්වඩ් ජයකොඩි
  2. පාවෙනා නිල් වලාවේ - ඩබ්. ඩී. අමරදේව
  3. හීන හතක් මැද - ලතා වල්පොළ
  4. එ මෙරි ස්‍යෙහොරා ජබින්

 

  • තබ්ලාව - තාලය ත්‍රිතාලය

අවමය විනාඩි 5න් උපරිමය විනාඩි 7ක් අතර කාලයකට සකසා ගත් ලෙහෙරාවක් වාදනය කළ යුතු ය.

පොදු කොන්දේසි

  • තරගය සඳහා ඉහත දී ඇති ගීතවලට අප විසින් ලබා දෙන නාද හඬ පටය ( Music Track ) භාවිත කර එයට අදාළ ගායනය/ වාදනය ඉදිරිපත් කළ යුතු ය.
  • විචිත්‍රවත් ව ගායනය/ වාදනය ඉදිරිපත් කළ යුතු ය.
  • පාසල් නිල ඇඳුමින් නිවැරදි ව සැරසී තරගයට ඉදිරිපත් විය යුතු ය.
  • 06. 22 දින සිට 2020. 07. 10 දින දක්වා අයදුම්පත් යොමු කළ හැකි ය. ( අයදුම් පතෙහි ආකෘතිය පහතින් දැක්වේ. )
  • නිවැරදි ව සම්පූර්ණ කරන ලද අයදුම්පත් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ට යොමු කළ යුතු ය.
  • එම අයදුම්පත ඔබ විදුහලේ විදුහල්පතිතුමා විසින් අනන්‍යතාවය තහවුරු කොට ඉදිරිපත් කළ යුතු ය.
  • තරගයට අදාළ ගීතය හෝ වාදනය අප ලබා දුන් හඩ පටය භාවිත කරමින් (Music Track ) පටිගත කොට ( Video ) සහිත ව 2020.ජුලි.31 වන දින මධ්‍යම රාත්‍රී 12. 00 ට පෙර ඉහත විද්‍යුත් ලිපිනය හරහා අප වෙත යොමු කළ යුතු ය.
  • ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 1, 2, 3 ස්ථානයන් සඳහා සහතිකපත් පිරිනැමේ.

 

  

අත්.කළේ/ඩී. එම්. එල්. පී. දිසානායක

..........................................                                                                     කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ( සංගීතය )                                                                මතුගම

 

<< චක්‍රලේඛය හා අයදුම්පත්‍රය බාගත කිරීම >>

ගීත බාගත කිරීමට (Download)

Go to top
Designed by mathuzone IT Team with
JSN Boot template designed by JoomlaShine.com